බාලි දූපත් ප්‍රදේශය නැරඹීමට ඩොලර් 10ක ඇතුළු වීමේ බද්දක්

බාලි දූපත් ප්‍රදේශය නැරඹීමට ඩොලර් 10ක ඇතුළු වීමේ බද්දක්
ලොව වඩාත් සංචාරක ආකර්ශනයට ලක් වූ ප්‍රදේශයක් වන ඉන්දුනීසියාවේ බාලි දූපත් ප්‍රදේශය නැරඹීමට පැමිණෙන විදේශිකයන්ට (14) සිට ක්‍රියාත්මක වන පරිදි ඩොලර් 10ක ඇතුළු වීමේ බද්දක් පැනවීමට පියවර ගෙන තිබේ.
ප්‍රදේශයේ සංස්කෘතිය හා පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඉන්දුනීසියානු බලධාරින් සඳහන් කර ඇත.
පසුගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ සංචාරකයන් මිලියන 4.8ක පිරිසක් බාලි දූපත් වෙත පැමිණ තිබිණි.
කෙසේ වෙතත් ගත වූ කාලය තුළ විදේශීය සංචාරකයන්ගේ නොමනා හැසිරීම් සම්බන්ධයෙන් බාලි වැසියන්ගේ විරෝධය පළ වී ඇති අතර, ආගමික ස්ථානවලට අපහාස වන පරිදි කටයුතු කළ බවට රුසියානු ජාතිකයෙකු පිටුවහල් කිරීමටද පියවර ගෙන තිබූ බව සඳහන්ය.
මාර්ග නීති කඩ වන ආකාරයේ සිදුවීම් රැසක්ද වාර්තා වීම හේතුවෙන් විදේශිකයන් සඳහා ප්‍රදේශය තුළ යතුරුපැදි භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන්ද බලධාරින් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.