මහ කන්නයේ දී වී සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කරයි

0
දින 10ක කාලය තුළ දිවයින පුරා සහල් වැටලීම් 578ක් ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (20) පැවැති දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමිනි. එහිදි ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය සේවය කප්පාදු නොකරන නමුත් රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා දරන වැය බර සම්බන්ධව ගැටලුවක් ඇති බවය. මේ හේතුවෙන් එක් අධිෂ්ඨානය සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය. එමෙන්ම මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන අධිකාරිය ලෙස සිය උපරිම දායකත්වය ලබා දෙන බවත් මෙම කර්තව්‍ය සාර්ථක වනුයේ රාජ්‍ය නිලධාරීන් ඊට දක්වන දායකත්වය මත බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජන වරමේ අපේක්ෂාවන් 80%ක්ම පෙන්වා ඇත්තේ රාජ්‍ය සේවකයන් බැවින් දේශපාලන අධිකාරියේ කාර්යයන්ට සිය කැමැත්ත, අනුමැතිය ලබා දී ඇති බවත් මෙම ද්විත්වය පරස්පර කණ්ඩායම් දෙකක් නොවන සමපාත කණ්ඩායම් දෙකක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එසේම ජනතාව සම්බන්ධ ව්‍යාපෘතිද යළි සමාලෝචනය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කරන බවත්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය නව වසරේ ජනවාරි 01 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

දින 10ක කාලය තුළ දිවයින පුරා සහල් වැටලීම් 578ක්

මහ කන්නයේ දී රජය විසින් වී මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවම මිල ගණන් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව තෙතමනය සියයට 14 මට්ටමක ඇති නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 105ක්, සම්බා වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 120ක් සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 130ක් ලෙස අවම මිල ගණන් සඳහන් කර ඇත.

තෙතමනය සියයට 14 මට්ටමට වැඩි නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 90ක්, සම්බා වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 100ක් සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 120ක් ලෙස අවම මිල නිකුත් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර, රජය විසින් ලබා දී ඇති මිල ගණන් යටතේ වී මිල දී නොගන්නා වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් අසාදු ලේඛනගත කිරීමට තීරණය කළ බවද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com