උතුරු ගාසා තීරයේ සිරවී සිටින ලක්ෂ 3ක් සාගතයකට ගොදුරුවීමේ අවදානමක්
 
                උතුරු ගාසා තීරයේ සිරවී සිටින ලක්ෂ 3ක් සාගතයකට ගොදුරුවීමේ අවදානමක්
ගාසා තීරයේ උතුරේ සිරවී සිටින ලක්ෂ 3ක පිරිසක් සාගතයකට ගොදුරු වීමේ බියකින් පෙලෙන බව පවසයි.
උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් ලක්ෂ 3කට අධික පිරිසක් කොටු වී සිටින අතර සැපයුම් අවහිර වීම නිසා එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ට සාගතයක් පිලිබඳ මෙලෙස බියක් ඇතිව තිබෙනවා.
එමෙන්ම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සටන් විරාම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රෆා වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
තවද ලක්ෂ 12ක පිරිසක් එහි වාසය කරයි.
පසුගිය ඔක්තෝබර් 7දා සිට ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 27,708ක් ඝාතනයට ලක් වි ඇති අතර 67,147ක පිරිසක් තුවාල ලබා ඇත.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        