තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා වවන්න කැබිනට් අනුමැතිය

තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා වවන්න කැබිනට් අනුමැතිය

තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා වවන්න කැබිනට් අනුමැතිය

තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය (05) හිමිවිය.

එම කැබිනට් පත්‍රිකාව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාය.

දේශය නගා සිටුවීමේ පරම පවිත්‍ර අධිෂ්ඨානයෙන් ඉදිරිපත් කළ එම පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ගැන තමා ඉමහත් සතුටට පත්වන බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

විදේශ විනිමය ගෙනෙන ඩොලර් මැෂිම මෙම කැබිනට් අනුමැතිය සමග තමා ලංකාවේ සවි කරන බව පැවසූ ගමගේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවාදී තීරණ ගැනීමේදී කිසිම බලවේගයකට යටත් නොවන රොබින් හුඩ් වැනි වීරයකු බවද සඳහන් කළාය.

ඖෂධීය ශාකයක් ලෙස ආයුර්වේද පනතින් 1964 දී ශ්‍රී ලංකාව ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයට ප්‍රමාණවත් ලෙස වගා කිරීමට ආයුර්වේද කොමසාරිස්වරයාට නෛතික බලය දී තිබුණද එමගින් විදේශීය ආයෝජන ලබා ගැනීමට සහ ඩොලර් ඉපයීමට කිසිම උපක්‍රමයක් නොතිබූ බව ගමගේ මහත්මිය පැවසුවාය.

ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ එම කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *