ලිට්‍රෝ සමාගමට බිලියන 7ක ලාභයක්; මහා භාණ්ඩාගාරයට රු. බිලියන 1.5ක්

2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාතුව ලිට්‍රෝ සමාගමට
ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් බිලියන 7ක ලාභයක් ලබා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
එමෙන්ම 2023 වසරේ දී ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක් (26) මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.
(26) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළා.
2023 ඔක්තෝබර් මාසයේදීද රුපියල් බිලියන 1.5ක ලාභාංශ මහා භාණ්ඩාගාරය වෙත ලබා දී අතර ඒ අනුව 2023 වසරේ රුපියල් බිලියන 3ක ලාභාංශ මේ වන විටත් මහා භාණ්ඩාගාරය වෙත ලබා දී ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ.