ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් දෙකක්

ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාව බලරහිත කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් දෙකක් ගොනුකර තිබේ.
නීතිඥ එකමුතුව වෙනුවෙන් ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.