පොලිස් නිලධාරින්ට සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම්

පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් මාස 6කට අත්හිටුවයි
පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
එම නව උපදෙස් මාලාව (19) සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව තෙන්නකෝන් මහතා පැවසීය.
පසුගිය 18වැනිදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් රියදුරෙකු මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා දුන් බව ඒ මහතා ප්‍රකාශ කළේය.
නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් 41ක් හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 18වැනිදා ජීවිතක්ෂයට පත්විය.