මත් කරල් 24,000ක් සමග මන්නාරමෙන් සැකකරුවකු අත්අඩංගුවට

කෝටි 10ක නීති විරෝධී මත්කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේදී මත් කරල් 24,000ක් සමග සැකකරුවකු මන්නාරම මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ මන්නාරම පොලිසියේ නිලධාරීන් විසින් (18) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තාල්පඩු ප්‍රදේශයේ පදිංචි (30) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
නාවික හමුදාවෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු තම නිවස ආසන්නයේ ප්‍රදේශයක මෙම මත්කරල් තොගය වළදමා තිබිය දී පොලිස් නිලධාරීන් සොයාගෙන තිබේ.