රබර් වගාවේ ව්‍යාප්ත වන දිලීර රෝගයක්

රබර් වගාවේ ව්‍යාප්ත වන දිලීර රෝගයක්

රබර් වගාවේ ව්‍යාප්ත වන දිලීර රෝගයක්

මෙම දිනවල පවතින අධික වර්ෂාව මෙන්ම හිරු එළිය නිසි පරිදි නොලැබීම හේතුවෙන් රබර් වගාව තුළ දිලීර රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව රබර් පර්යේෂණ ආයතනය පවසනවා.

වළයාකාර පත්‍ර පුල්ලි පතන රෝගය හෙවත් Pestlotiopsis Microspora ලෙස හඳුන්වන මෙම රෝග තත්ත්වය රබර් ගසේ පත්‍රවල හට ගන්නා දිලීරයක් හේතුවෙන් ව්‍යාප්ත වන බවයි එම ආයතනය පවසන්නේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.

වර්ෂාව අධිකවීමත්, හිරු එළිය නිසි පරිදි නොලැබීමත් හේතුවෙන් මෙම දිලීරය ව්‍යාප්ත වන අතර, පහතරට තෙත් කලාපයේ රබර් වගාව තුළ ආරම්භ වූ මෙම රෝගය දැනට මොනරාගල වැනි ප්‍රදේශවලින් වාර්තා වන බව සඳහන්.

මේ වනවිට එම රෝගය පාලනය සඳහා වගාකරුවන් දැනුම්වත් කිරීම ආරම්භ කර ඇති අතර, තම රබර් වගාවන්හි මෙම රෝග තත්ත්වය වාර්තා වන්නේ නම් වහාම රබර් වගාව සම්බන්ධව කටයුතු කරන නිලධාරින් හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *