විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අඩු කරනවා – ජීවන් තොන්ඩමන්
ජල ගාස්තු සංශෝධනයට 2024 වන තෙක් ප්‍රතිපත්තියක් සකස්කර තිබුණේ නෑ - ජාතික විගණන කාර්යාලය
සිදුවීමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුවද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි.
මහනුවරදී (11) ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවට හැකි උපරිම සහන ලබාදීමට රජය වශයෙන් පියවර ගනිමින් සිටින බවය.
“මින් ඉදිරියට ජල ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙමගින් ජනතාව පීඩනයට පත් කිරීමට අපි කටයුතු කරන්නේ නෑ. ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි විදුලිය. ඉතින් විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අපි අඩු කරනවා.”




