ගොවි ජනතාවගේ පොහොර සඳහා රු. මිලියන 12,000ක්

ගොවි ජනතාවගේ පොහොර සඳහා රු. මිලියන 12,000ක්

ගොවි ජනතාවගේ පොහොර සඳහා රු. මිලියන 12,000ක්

ගොවි ජනතාවගේ පොහොර සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කර ඇති බවත්,(09) එම මුදල් ගොවිජනතාව වෙත යැවීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා

අමාත්‍යවරයා මේ බව පැවසුවේ (09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, වැඩි මිලට පොහොර අලෙවි කරන්නන්ට විරුද්ධව අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී ඇති බවයි.

වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම කන්නය සඳහා අවශ්‍ය පොහොර මේ වනවිටත් ආනයනය කර අවසන් බවත්, එම පොහොර සඳහා රුපියල් 9000ක් ලෙස මිල සඳහන්කර ඇති බවත්ය.

නමුත් ඊට වැඩි මිලට පොහොර අලෙවි කරයි නම් ඒ් පිළීබඳව පැමිණිලි කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *