වෛද්‍යවරුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනාත් ඉහළට

වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළට
වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන DAT දීමනාව ඉහළ දැමීම සඳහා ජනපති සිදුකළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මෙතෙක් වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලැබූ DAT දීමනාව රුපියල් 35,000 සිට 75,000 දක්වා වැඩිකර ඇත.
මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ඉහළ දැමීමට ජනපති කළ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව සියයට 25කින් ඉහළ දැමෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ වැටුපට එකතු වනු ඇත.