දයාසිරිට තහනම් නියෝගයක්

දයාසිරිට තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කොළඹ දිසා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඊට අදාලව මැතිවරණ කොමිසම් වෙත සාවද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
එම නියෝගය ලබන 21 දක්වා බල පැවැත්වෙන බව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නියෝග කළේය.