භාවිතයෙන් ඉවත් කළ ඩීසල් එන්ජින් 20ක් ඉන්දීය රජයෙන් නොමිලේ

0
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය වේලාවන් සංශෝධනය වේ

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය වේලාවන් සංශෝධනය වේ

දුම්රිය එන්ජින් 20ක් නොමිලේ ලබා දීමට ඉන්දීය රජය ඉදිරිපත්ව තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා සඳහන් කළේ, එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග භාවිතයෙන් ඉවත් කළ ඩීසල් එන්ජින් 20ක් දිවයිනට ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒවා මෙරට මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් පරීක්ෂා කර තිබේ.

ඒ අනුව දුම්රිය එන්ජින් දෙකක් පෙබරවාරි මාසයේදි මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com