උතුරු කොරියාව දකුණු දේශසීමා දෙසට කාලතුවක්කු ප්‍රහාර 200කට වැඩි ප්‍රමාණයක් එල්ල කරයි

උතුරු කොරියාව දකුණු දේශසීමා දෙසට කාලතුවක්කු ප්‍රහාර 200කට වැඩි ප්‍රමාණයක් එල්ල කරයි

උතුරු කොරියාව දකුණු දේශසීමා දෙසට කාලතුවක්කු ප්‍රහාර 200කට වැඩි ප්‍රමාණයක් එල්ල කරයි

උතුරු කොරියාව සිය බටහිර වෙරළට ඔබ්බෙන් දකුණේ Yeonpyeong දූපත දෙසට කාලතුවක්කු ප්‍රහාර 200 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව සෝල් හමුදාව පවසා තිබෙනවා.

ඉන්පසුව, දකුණු කොරියාව තමන්ගේම සජීවී ගිනි අභ්‍යාස පැවැත්වීමට පෙර සිවිල් වැසියන්ට නිවෙස්වලින් ඉවත් නොවන ලෙසටද නියෝග කර තිබෙනවා.

2010 දී, උතුරු කොරියානු කාලතුවක්කු විසින් Yeonpyeong දූපතට කිහිප වතාවක් වෙඩි තබා පුද්ගලයන් හතර දෙනෙකු මරා දැමූ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කරනු ලැබුවා.

එරට ප්‍රාදේශීය වේලාවෙන් 09:00 සිට 11:00 දක්වා වූ වෙඩි තැබූ කාලතුවක්කු උණ්ඩ දකුණු කොරියානු භූමියට ඇතුළුනොවූ බවත් දෙරට අතර ස්වාරක්ෂක කලාපයට එය ළඟාවූ බවත් පැවසෙනවා.

දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් කියා සිටියේ මෙම සිදුවීමෙන් ජනතාවට හෝ හමුදාවට කිසිදු හානියක් සිදු නොවූ බවයි.

නමුත් මෙම ක්‍රියාව කොරියානු අර්ධද්වීපයේ සාමයට තර්ජනයක් වන අතර ආතතිය වැඩි කරන බවද සඳහන් කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *