බීජ අර්තාපල් මෙට්‍රික්.ටොන් 21ක් භාවිතයට ගත නොහැකි තත්වයට

බීජ අර්තාපල් මෙට්‍රික්.ටොන් 21ක් භාවිතයට ගත නොහැකි තත්වයට

බීජ අර්තාපල් මෙට්‍රික්.ටොන් 21ක් භාවිතයට ගත නොහැකි තත්වයට

යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබූ බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක් භාවිතයට ගත නොහැකි වන අයුරින් දිලීර වර්ධනය වී තිබීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් වහාම වාර්තාවක් කැඳවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කරන ලද මෙම බීජ අර්තාපල් තොගය ගොවින්ට බෙදා දීම සඳහා යාපනයේ කුප්පිවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබූ බව සඳහන්ය.

කෙසේ වෙතත් එම බීජ අර්තාපල් තොගය නිසිපරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් දිලීර විශේෂයකින් හා බැක්ටීරියා විශේෂයකින් එම අර්තාපල් තොගයෙන් සියයට 40ක පමණ හානි වී ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

බීජ අර්තාපල් නිසි ලෙස ගබඩා කිරීම සඳහා පියවර නොගැනීම මෙන්ම ඒවා විනාශ වීම මඟින් රජයට සිදු කළ පාඩුව සැලකිල්ලට ගෙන අදාළ වගකිව යුතු නිලධාරින්ගෙන් කරුණු විමසන ලෙස අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් ලබා දී ඇති මහින්ද අමරවීර අමාත්‍යවරයා, ඊට අදාළ ඉහළම පියවර ගන්නා ලෙසද දැනුම් දී ඇති බව සඳහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *