නීතිපති දෙපාර්තමේන්තුව රු කෝටි 30ට වැඩි හිඟ ආදායමක් අයකරගැනීම පැහැර හැරලා

නීතිපති දෙපාර්තමේන්තුව රු කෝටි 30ට වැඩි හිඟ ආදායමක් අයකරගැනීම පැහැර හැරලා

නීතිපති දෙපාර්තමේන්තුව රු කෝටි 30ට වැඩි හිඟ ආදායමක් අයකරගැනීම පැහැර හැරලා

නීතිපති දෙපාර්තමේන්තුව රුපියල් කෝටි තිහකට වැඩි හිඟ ආදායමක් (2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වනවිට) අයකරගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මෙම ආදායම් අය කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අනුව හිඟ ආදායම් ලෙස රුපියල් කෝටි නවයකට වැඩි මුදලක් වසර දහයකට වැඩි කාලයක් තිස්සේද කෝටි හතරකට වැඩි මුදලක් වසර 7සිට 9 දක්වා කාලයක් තිස්සේද කෝටි තුනකට වැඩි මුදලක් වර්ෂ 4 සිට 6 දක්වා කාලයක් තිස්සේද කෝටි හතකට ආසන්න මුදලක්වර්ෂ 1 සිට 3 දක්වා කාලයක් තිස්සේද මෙලෙස අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය සංස්ථා මණ්ඩල පළාත් සභා සහ බැංකු යනාදී ආයතන 13 කින් 2005 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අඛණ්ඩව කෝටි දාහතක හිඟ ආදායමක් අය කරගෙන නොතිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මෙම හිඟ මුදල් සම්බන්ධයෙන් අප්‍රමාදව නීති ප්‍රකාරව කටයුතු කරන ලෙසත් නීති මාර්ගයෙන් හෝ හිඟ මුදල් අයකර ගත නොහැකි නම් දීර්ඝ කාලීන හිඟ මුදල් භාණ්ඩාගාරයේ එකඟතාව මත කපා හැරීමට අප්‍රමාදව කටයුතු කරන ලෙසත් විගණන අංශ නිර්දේශ කර ඇත.

මේ අතර දෙපාර්තමේන්තුව කුලී පදනමට ලබාගෙන තිබූ ගොඩනැගිල්ලක් සහ දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල සඳහා 2022 ජනවාරි සිට මාර්තු දක්වා විදුලි බිල් පත් ගෙවීමේදී මාසික විදුලි පාරිභෝජන වියදමට අමතරව ලක්ෂ ගණනක පොලී මුදලක්ද සහිතව බිල්පත් සඳහා ගෙවීම් කිරීමෙන් රජයට මූල්‍ය අවාසියක් සිදුවී තිබූ බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *