කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන අලුත් හාල් වර්ගයක් පිට රටින්

0
රට කීරි සම්බා වැඩිමිලට වික්ක වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

රට කීරි සම්බා වැඩිමිලට වික්ක වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

පෞද්ගලික අංශය මඟින් කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වෙළෙඳපොළේ සහල් මිල පාලනය සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ මත එම තීරණය ගෙන ඇත.

ඒ අනුව 2023.11.20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එයට අනුමැතිය හිමිව තිබේ.

දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් තොගය ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com