අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පාසල් 29ක් දින නියමයක් නොමැතිව වැසේ

උතුරේ පාසල් 29ක් දින නියමයක් නොමැතිව වැසේ

උතුරේ පාසල් 29ක් දින නියමයක් නොමැතිව වැසේ

අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පාසල් 29ක් දින නියමයක් නොමැතිව (19) සිට වසා දමා තිබේ.

මෙලෙස වසා දමා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 09ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් 02ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 09ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් 09කි.

අදාළ පළාත්වල වැසියන් වර්ෂාව හේතුවෙන් විපතට පත් වී ඇති අතර රජයේ පාසල් ගොඩනැගිලි කීපයක පවත්වා ගෙන යන සුබ සාධන කඳවුරු නිසාවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර උතුරේ දැනට ක්‍රියාත්මක පාසල් වලට යාමට නොහැකිව ගංවතුර මධ්‍යයේ සිටින පාසල් සිසුන්ට යුද හමුදාව විසින් ගමනාගමන පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *