කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන අලුත් හාල් වර්ගයක් පිට රටින්
වැඩි මිලට හාල් විකිණූ වෙළෙන්දාට රු.1,10,000ක දඩයක්
පෞද්ගලික අංශය මඟින් කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වෙළෙඳපොළේ සහල් මිල පාලනය සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ මත එම තීරණය ගෙන ඇත.
ඒ අනුව 2023.11.20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එයට අනුමැතිය හිමිව තිබේ.
දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් තොගය ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.




