මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සහ සංවර්ධන කටයුතු සදහා යුද හමුදාව/ සිවිල් ආරක්ෂක බලකාය සහ පොලීසිය අත්‍යවශ්‍ය බව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් අවධාරණය කරනවා.

ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන යන ස්වාමීන් වහන්සේගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබද කරුණු තහවුරු කර තිබෙනවා.

මිහින්තලා පූජා භූමියේ සිදුකරන සංවර්ධන කටයුතු සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය අඛණ්ඩව ලබාදිය යුතු බව එහි සඳහන්.

එමෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ සහ පොලීසියේ නිසි මැදිහත්වීම නිරන්තරයෙන් ලබාදිය යුතු බවද මහ නාහිමිවරුන් පෙන්වා දෙනවා.

මෙම පූණ්‍ය භූමියේ සුරක්ෂිත කර මතු පරපුරට දායාද කිරීමේ වගකීම ඉටු කිරීමට ජනාධිපතිතුමා ඇතුළු සියලු වගකිව යුතු අංශ ක්‍රියාත්මක විය යුතු බවද මහ නාහිමිවරුන් යොමුකළ ලිපියේ සදහන්.

සිය යුතුකම් සහ වගකීම් පිළිබද මනා අවබෝධයෙන් මිහින්තලා පුදබිමේ සුරක්ෂාව හා සංවර්ධන උදෙසා සියලු දෙනා කටයුතු කළ යුතු බවද මත්වතු අස්ගිරි මහ නාහිමිවරුන් අවධාරණය කරනවා.

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සහ සංවර්ධන කටයුතු සදහා යුද හමුදාව / සිවිල් ආරක්ෂක බලකාය සහ පොලීසිය අත්‍යවශ්‍ය බව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් අවධාරණය කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *