මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය යළි ජනතා අයිතියට

මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය යළි ජනතා අයිතියට

මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය යළි ජනතා අයිතියට

පෞද්ගලික අංශයේ සහල් ඒකාධිකාරය බිඳ දැමීමට ඉදිකළ මරදගහමුල සහල් ගබඩා සංකීර්ණය වසර නවයකට පසු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත්වීමෙන් හෙට විවෘත කෙරෙනවා.

එම ගබඩා සංකීර්ණයේ ගබඩා කළහැකි වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් හැත්තෑ පන්දහසක්.

මරදගහමුල සුලු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරයේ නිරත වූවන් වෙනුවෙන් ගබඩා සංකීර්ණය ඉදිකළ ද වසර නවයකට ආසන්න කාලයක් අතහැර දමා තිබුණා.

මරදගහමුල නගරයේ සහල් ව්‍යාපාරිකයින් දුෂ්කරතා මධ්‍යයේ ව්‍යාපාරික කටයුතු සිදුකරන අතර ඒ සදහා පහසුකම් සහිත නියමිත ස්ථානයක් නොමැතිවීම ගැටලුවක්ව පවතිනවා.

පෞද්ගලික අංශයේ සහල් ඒකාධිකාරය බිදදැමීම වෙනුවෙන් මෙම ධාන්‍යාගාර සංකීර්ණය හා තොග වෙළද මධ්‍යස්ථාන ඉදිකරනු ලැබුවේ 2014 වසරේදීයි.

වසර නවයක කාලයක් වල්බිහිවී තිබූ එම සංකීර්ණය පිළිසකර කර යළි විවෘත කිරීම හෙට සිදුකිරීමට නියමිතයි.

මෙම මධ්‍යස්ථානය පිහිටි අක්කර දෙකක පමණ භූමිය තුළ වෙළදකුටි 115ක් පමණ ඉදිකර ඇති අතර ඒ සදහා රුපියල් මිලියන 459ක් වැයකර තිබෙනවා.

මෙහි ඇති ගබඩා සංකීර්ණය ලබන මහ කන්නයේ සිට වී ගබඩා කිරීම සදහා බස්නාහිර පළාත් සමූපකාර දෙපාර්තමේන්තුවට ලබාදීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *