දැවැන්ත කේරළ ගංජා ගබඩාවක් සොයා ගැනේ
පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට සමත්ව තිබේ.
ජාඇල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ලද තොරතුරකට අනුව මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.
මෙම කේරළ ගංජා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 2කට පමණ ආසන්න බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        