ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය කෝටි 151ක් අනුමැතියකින් තොරව ආයෝජනය කරලා

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය කෝටි 151ක් අනුමැතියකින් තොරව ආයෝජනය කරලා

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය කෝටි 151ක් අනුමැතියකින් තොරව ආයෝජනය කරලා

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පසුගිය වසරේදී රුපියල් කෝටි 151කට වැඩි මුදලක් අනුමැතියකින් තොරව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

යම් ආයතනයක් එලෙස මුදල් ආයෝජනය කරන්නේ නම් 1971 අංක 38 දරණ මුදල් පනතේ 11වැනි වගන්තිය අනුව මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර මාණ්ඩලික නිලධාරීන්ට දෙන ණය පහසුකම් රජයේ වියදම් පාලනය කිරීමේ තීරණය හේතුවෙන් අත්හිටුවන ලෙස දන්වා තිබුණද ඊට පටහැනිව ආයතනයේ මාණ්ඩලික නිලධාරීන් සඳහා රුපියල් පන් ලක්ෂයකට වැඩි ආපදා ණය මුදල් ගෙවා තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.

මේ අතර නිලධාරියකුගේ කැමැත්ත පරිදි ඕනෑම වාර්ෂික උත්සවයක් සඳහා රුපියල් දස දහස බැගින් අත්තිකාරම් මුදලක් ලබාදිය හැකි වුවත් පසුගිය වසරේදී එම ආයතනයේ සේවකයන් 228ක් වෙනුවෙන් එම සීමාව ඉක්මවා රුපියල් තිස්දහස බැගින් උත්සව අත්තිකාරම් මුදලක් ගෙවා තිබූ බව විගණන කාර්යාලය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *