ගාසා තීරයේ පැය 24ට මරණ 300ක්

ගාසා තීරයේ පැය 24ට මරණ 300ක්
ඊශ්‍රායල් හමුදා, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කර තිබේ. ඉකුත් පැය 24 තුළ පලස්තීන වැසියන් 300 දෙනෙකු පමණ මියගොස් ඇති බවත්, 500 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය (11)වැනි දා උදෑසන දකුණු ගාසා තීරයේ රෆා ප්‍රදේශයට බෝම්බ ප්‍රහාර රැසක් එල්ල වී ඇත.
ඛාන් යුනිස් නගරයට දිගින් දිගටම එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් රෆා පිවිසුම් ප්‍රදේශයට තවදුරටත් ගමන් කරමින් සිටි. ඔවුන් පවසන්නේ, ගාසා තීරයේ කිසිදු ආරක්ෂක ස්ථානයක් නොමැති බවයි.
මේ වන විට පලස්තීන වැසියන් 18,000ක් පමණ මියගොස් ඇති අතර, 50,000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
හමාස් සටන්කරුවන් 7,000කට ආසන්න පිරිසක්ද මියගොස් ඇතැයි ඊශ්‍රායලය පවසයි.