ගාසා තීරයේ ජනගහනයෙන් 80%ක්ම අවතැන් – එක්සත් ජාතීන්ගේ සංවි‍ධානය

ගාසා තීරයේ ජනගහනයෙන් 80%ක්ම අවතැන් - එක්සත් ජාතීන්ගේ සංවි‍ධානය

ගාසා තීරයේ ජනගහනයෙන් 80%ක්ම අවතැන් - එක්සත් ජාතීන්ගේ සංවි‍ධානය

ගාසා තීරයේ දරුණු සටන්වලින් බේරීම සඳහා දහස් ගණන් ජනතාව දේශසීමා ආසන්නයේ පිහිටි රෆා නගරයට පැමිණෙමින් සිටිනවා.

එහෙත් රෆා හි ඔවුන්ට කිසිඳු පහසුකමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සටන්වලින් බේරීම සදහා රෆා නගරයට දස දහස් සංඛ්‍යාවක් පැමිණියද එම නගරයෙහි ආහාර හෝ විදුලිය නොමැති අතර උග්‍ර ජල හියක්ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දහස් ගණනකට නවාතැන් සෙවීම මෙන්ම ළමයින්ට පාසල් නොමැතිවීමද ගැටලුවක් බවයි ජගත් සංවි‍ධානය පවසන්නේ. ඉඩකඩ නොමැති වීම හේතුවෙන් ජනතාව ගොඩනැගිලි ඉදිරිපිට නිදා සිටින ආකාරයද දැකගත හැකිවනවා.

මේ අතර ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයේ වැසියන්ට ඛාන් යුනිස් නරගයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා. එහෙත් එම නගරයේද කිසිදු පහසුකමක් නැති බවයි වාර්තා වන්නේ.

ජගත් සංවිධානය පවසන්නේ ගාසා හි ජනගහනයෙන් 80%ක්ම අවතැන් වී ඇති බවත් මිනිසුන් ආරක්ෂිත ස්ථාන කර දුවමින් සිටින අතර ඔවුනට ප්‍රමාණවත් ආධාර නොලැබීම ද විශාල ගැටලුවක්ව පවතින බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *