අර්ථසාධකයේ ප්‍රතිලාභ කපා දැමීම අනවශ්‍යයි සහ/හෝ අසාධාරණයි! – ජනතාවගෙන් 77%ක් කියයි

අර්ථසාධකයේ ප්‍රතිලාභ කපා දැමීම අනවශ්‍යයි සහ/හෝ අසාධාරණයි! – ජනතාවගෙන් 77%ක් කියයි

අර්ථසාධකයේ ප්‍රතිලාභ කපා දැමීම අනවශ්‍යයි සහ/හෝ අසාධාරණයි! – ජනතාවගෙන් 77%ක් කියයි

සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙණ ප්‍රතිලාභයන්, දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය යටතේ අඩු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය අනවශ්‍යය සහ/හෝ සාධාරණව සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 77%ක් පවසන්නේ යැයි Syndicated Surveys සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ 2023 ඔක්තෝබර් මාසයේය.

සමීක්ෂණයට ලැබී ඇති ප්‍රතිචාර
සමීක්ෂණයට සහභාගීවූවන් ඉදිරියේ මෙම ප්‍රකාශය කියවනු ලැබිණ.

“ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය EPF (සේවක අර්ථ සාධක අරමුදලෙහි) හි ප්‍රතිලාභ අඩු කළේය”.
අනතුරුව පහත දැක්වෙන ප්‍රකාශයන් දෙකද, කියවනු ලැබිණ.

අවසානයේ මෙම ප්‍රකාශ දෙකෙන් වඩාත් එකඟ වන ප්‍රකාශය හෝ ප්‍රකාශයන් කුමක්ද යන්න විමසා බැලිණ.

එය සිදුකිරීම අත්‍යාවශ්‍යය වේ
එය සාධාරණ ආකාරයකින් සිදුකරන ලදී
එය සිදුකිරීම අත්‍යාවශ්‍යය මෙන්ම සාධාරණ ආකාරයකින් සිදුකර ඇත යයි එකඟ වූයේ 10% දෙනෙක් පමණි.

13% දෙනෙක් මේ සම්බන්ධයෙන් “කිසිඳු අදහසක් නොතිබුණු” හෝ මෙම ගැටලුව ගැන “කිසිත් නොදන්නා” පිරිසට අයත් වූහ.
44% දෙනෙක් ප්‍රකාශ ද්විත්වයම සමග එකඟ නොවූහ. 33% දෙනෙක් එක් ප්‍රකාශයක් සමග එකඟ වූහ.

ඒ අනුව ගත්විට, සමස්තයක් ලෙස 77% දෙනෙක් විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙණ ප්‍රතිලාභ අඩු කිරීම අනවශ්‍යය බව සහ/හෝ එය සාධාරණ නොවන ආකාරයකින් සිදුකර ඇති බව කියා ඇත.

ගෙවුණු සැප්තැම්බර් මාසයේ දී, ශ්‍රී ලංකාව සුවිශේෂී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සම්පූර්ණ කළා.

එහිදී, රුපියල්වලින් ගෙන ඇති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ බර පැටවුණේ සේවා නියුක්තිකයන්ගේ විශ්‍රාමික අරමුදල්වලටය.

බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රවල සේවා නියුක්තිකයන්, පෞද්ගලික ණය හිමිකරුවන් සහ බහුතරයක් රාජ්‍ය සේවකයින් (රජයේ වෙනම විශ්‍රාමික වැඩසටහනක සිටින) මෙම පිරිසට අයත් වූයේ නැත.

ශ්‍රී ලංකාවේ මෙම ක්‍රියාව, ගෝලීය මට්ටමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන්වලට නව පූර්වාදර්ශයක් වීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකාව සිදුකර ඇත්තේ, විශ්‍රාමික අරමුදල් සම්බන්ධයෙන් පොදුවේ සියලුදෙනාට සම-සමව සැළකෙන ප්‍රතිපත්තියක් නොව එකිනෙකාට වෙනස්ව සැළකෙන හානිකර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.

සමීක්ෂණ ක්‍රමවේදය

ඉහත දක්වා ඇති සොයාගැනීම් දීප ව්‍යාප්ත, ජාතික වශයෙන් නියෝජනය වන ශ්‍රී ලංකා වැඩිහිටි පුරවැසියන් 1,029 දෙනෙකුගේ ප්‍රතිචාර මත පදනම් වේ. සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ 95% විශ්වාසනීය මට්ටමක් සහ උපරිම වැරදි ආභිතය (error margin) ±3.1% මට්ටමක පැවතෙන පරිදිය.

වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය එක්ව සම්පාදනය කර ඇති Syndicated Surveys නම් සමීක්ෂණ මෙවලම යටතේ මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.

Syndicated Surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලටද, අවස්ථාව තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *