ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට අලුතින් එක් වූ මගී ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට අලුතින් එක් වූ මගී ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය
ගුවන් යානා බලඝණයට චිනයේ රජයෙන් මිලදි ගනු ලැබු වයි -12 (Y- 12) වර්ගයේ සැහැල්ලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය (05)වැනි දා දිවයිනට පැමිණ ඇත.
මෙම ගුවන් යානාවන් මුලික වශයෙන් භාණ්ඩ හා මගීන් ප‍්‍රවාහන කටයුතු සදහා යොදාගනු ලබන අතර මානුෂීය මෙහෙයුම් සමයේදී මෙම ගුවන් යානාවන් මගින් සෙබළුන් හා භාණ්ඩ ප‍්‍රවාහනය සිදුකරනු ලැබු අතර වර්ථමානය වනවිට ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම්, සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, පැරෂුටි භටයන් පුහුණු කිරීමේ මෙහෙයුමි ඇතුළු යුධ අභ්‍යාස සදහාද ගුවන් ගිලන්රථ ලෙසද යොදා ගනු ලබන අතර දේශීය ප‍්‍රවාහන කටයුතු මෙන්ම හදිසි අවශ්‍යතාවයන් මත විදේශ රටවල් වෙත පියාසර කිරීමේ හැකියාවද ඇත.
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහල නැංවිම සදහා වත්මන් ගුවන් හමුදාධිපති තුමන් විසින් සිදු කරගෙන යනු ලබන සැලසුම්ගත ක‍්‍රියාදාමයේ එක් අදියරක් ලෙස මෙම නව ගුවන් යානා ද්විත්වය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට එක්කර ගැනිම දැක්විය හැකි බව ද නිවේදනය කර සිටියි.