ටෙස්ලාහි නවතම නිෂ්පාදනය වන සයිබර් ට්‍රක් රථය පළමු ගනුදෙනුකරුවන්ට පිරිනමයි

ටෙස්ලාහි නවතම නිෂ්පාදනය වන සයිබර් ට්‍රක් රථය පළමු ගනුදෙනුකරුවන් 1000 සඳහා පිරිනමයි

ටෙස්ලාහි නවතම නිෂ්පාදනය වන සයිබර් ට්‍රක් රථය පළමු ගනුදෙනුකරුවන් 1000 සඳහා පිරිනමයි

ටෙස්ලාහි විධායක අධ්‍යක්ෂ ඊලොන් මස්ක්, ඔහුගේ සමාගම නිර්මාණය කළ නවතම නිෂ්පාදනය වන සයිබර් ට්‍රක් රථය පළමු ගනුදෙනුකරුවන් දහස සඳහා පිරිනමා තිබේ.

පසුගියදා අමෙරිකාවේ ටෙක්සාස්හි දී මෙම පිරිනැමීම සිදු කර ඇත. එහි පළමු ට්‍රක් රථය ඊලෝන් මස්ක් විසින්ම පැදගෙන එනු ලැබූ බව වාර්තා වේ.

සයිබර් ට්‍රක් රථයක මිල සඳහන් වන්නේ, අමෙරිකානු ඩොලර් 60,990ක් ලෙසටයි. එය ඊලොන් මස්ක් 2019 වසරේ දී සයිබර් ට්‍රක් රථයක් සඳහා පොරොන්දු වූ මිලට වඩා 50%ක වැඩි අගයකි. අනාගත ලෝකයට සරිලන පරිදි විශේෂිත අමුද්‍රව්‍ය යොදාගෙන මෙම සයිබර් ට්‍රක් රථය නිෂ්පාදනය කර ඇති නිසා, එවැනි මිලක් නියම කිරීමට සිදු වූ බව ඊලොන් මස්ක් සඳහන් කර ඇත.

එක් වරක් සිදු කරන බැටරි ආරෝපනයකින් පසු, සයිබර් ට්‍රක් රථයට කිලෝ මීටර් 547ක් ගමන් කළ හැකි බවද වාර්තා වේ.

මෙම සයිබර් ට්‍රක් රථය සඳහා ඉහළ ඉල්ලුමක් පැවතුණද එහි නිෂ්පාදනය වේගවත් කිරීම තරමක් දුෂ්කර වනු ඇති බව ඊලොන් මස්ක් පවසයි.

කෙසේ වෙතත් 2025 වන විට සයිබර් ට්‍රක් රථ 250,000ක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *