හමුදා ප්‍රධානීන්ට සංග්‍රහ කරන්න ගිය වියදම් කතාව අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිළිතුරු

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා පැමිණි හමුදා නිලධාරීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් විශාල මුදලක් වැයකර ඇතැයි පළ වූ පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, 2022 වසරේ පැවති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව සඳහා විදෙස් රටවල නිලධාරීන් 25 දෙනෙකු හා මෙරට හමුදා නිලධාරීන් 123 දෙනෙකු ඇතුළු උසස් හමුදා නිලධාරීන් 148 දෙනෙකු සහභාගී වූ බවය.

-උපුටාගැනීම-

ලෝකයේ ඕනෑම පොදු රාජ්‍ය මණ්ඩලීය රටක ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයක මෙහෙයවනු ලබන මෙවැනි පාඨමාලාවන්ගේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස වාර්ෂිකව එම පාඨමාලාව හදාරන දේශීය මෙන්ම විශේෂීය රටවල ශිෂ්‍ය නිලධාරින් වෙත එරට ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් විසින් ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳව දේශන පැවැත්වීම සිදුකෙරේ.

එම ක්‍රියාවලියට අනුකූලව ශ්‍රී ලංකාවේ ද මෙම උසස් නිලධාරීන්ගේ දේශන පවත්වනු ලබන අතර, රාජකාරී ස්වභාවය හේතුවෙන් සහ එකම අවස්ථාවක දේශන වාරයන් පැවැත්වීමේ ඇති ප්‍රායෝගික ගැටලු නිසාවෙන් අවස්ථා 5ක් යටතේ එම දේශන පැවැත්වීමට කටයුතු කෙරිණි.

එම අවස්ථාවන්හිදී දේශනවලින් අනතුරුව පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන්, උපදේශක නිලධාරීන් සහ නිත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ද ඇතුළුව 200ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හෝ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග අදහස් හුවමාරු කර ගනිමින් තම දැනුම පුළුල් කර ගැනීම සඳහා අවස්ථාව සලසාලමින් ඔවුන් සමග එක්ව සාමුහික තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම පිළිගත් හමුදා සම්ප්‍රදායයි.

මේ අනුව එම සම්පූර්ණ වියදම් සිදුකර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සංග්‍රහ කටයුතු සඳහා පමණක් නොවන බව ප්‍රකාශ කර සිටින අතර, මාධ්‍ය මඟින් වැරදි අර්ථකථනයක් ලබාදීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය කනගාටුව ප්‍රකාශ කර සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *