2022 අලි මිනිස් ගැටුම වලින් අලි ඇතුන් 433 දෙනකු මරුට

0
අලි මිනිස් ගැටුම 2022දී අලි ඇතුන් 433 දෙනකු මරුට

අලි මිනිස් ගැටුම 2022දී අලි ඇතුන් 433 දෙනකු මරුට

අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි ඇතුන් 433 දෙනකු පසුගිය වසරේදී මරුමුවට පත්ව ඇතැයි පරිසරය ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් වහා ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාවේ සභාපති, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

අලි මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එම කාරක සභාවට මෙහිදී ඉදිරිපත් කෙරිණ. අලි මිනිස් ගැටුමට විසදුම වන්නේ ප්‍රජාව මුල්කරගත් විදුලි වැට හා කුඹුරු ආරක්ෂා කරන කාලීන විදුලි වැට ඉදිකිරීම බව වනජීවී නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ අලි මිනිස් ගැටුම අවම කිරීමට නම් ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com