විශ්‍රාමික දීමනා, ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා සූත්‍රයක් සකසන්න යැයි යෝජනා

විශ්‍රාමික දීමනා, ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා සූත්‍රයක් සකසන්න

විශ්‍රාමික දීමනා, ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා සූත්‍රයක් සකසන්න

විශ්‍රාමික දීමනා, ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා සූත්‍රයක් සකසන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් රුස්වූ අවස්ථාවේදීය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද, විශ්‍රාමිකයන්ගේ සංගම් නියෝජිතයන්ද, එම රැස්වීම සඳහා කැඳවා තිබුණි.

දැනට සක්‍රීය විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ 7කට අධිකයි.

ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක් ලබා දුන්නද, විශ්‍රාමිකයින්ට වැඩි කර ඇත්තේ මසකට රුපියල් 2500 ක් පමණක් බව කාරක සභාව හමුවේ විශ්‍රාමික සංගම් පෙන්වා දුන්නේය.

ඔවුන් කියා සිටියේ වැටුප් වැඩිවීම හා සලකා බලන විට විශ්‍රාම වැටුප් වැඩි වී ඇත්තේ 25%ක ප්‍රමාණයකින් බවයි.

එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද විශ්‍රාමික සංගම් නියෝජිතයින් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේය.

වසරකට විශ්‍රාමිකයන් 26000 ක් පමණ සක්‍රීය තත්ත්වයට එකතු වන අතර, 20000 ක් පමණ මියයාම හේතුවෙන් විශ්‍රාමික ලැයිස්තුවෙන් ඉවත් වන බවද එහිදී අනාවරණය විය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහා මාසිකව වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 413 කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *