විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා නව සේවා රැසක් එලිදක්වයි

විදේශ රැකියා කාර්යාංශ සේවා රැසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා

විදේශ රැකියා කාර්යාංශ සේවා රැසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා

විදේශ රැකියා ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම හා සේවාවන් කඩිනමින් ලබාදීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවිය යාවත්කාලීන කර ජනගත කිරීම පසුගිය 27වැනිදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් සිදුවිය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම හා ලියාපදිංචිය අලුත් කිරීම, රැකියා බැංකුවේ ලියාපදිංචි කිරීම, නව විදේශ රැකියා අවස්ථා හඳුනා ගැනීම හා විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ රැකියාවට යාමට පෙර හා විදෙස් රැකියාව අවසන් කර මෙරටට පැමිණීමෙන් අනතුරුව විගමණික ප්‍රජාව වෙත සැලසෙන සේවාවන් සම්බන්ධව තොරතුරු ලබාදීම හා අවශ්‍ය ලියාපදිංචි කිරීම් සිදුකිරීමට නවතම යාවත්කාලීන කළ වෙබ් අඩවිය මගින් පහසුකම් සලසා තිබේ.

ආකර්ශනීයව හා නව තාක්ෂණයට ගැලපෙන අයුරින් සිංහල, ඉංග්‍රිසි හා දමිළ භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ලබාගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *