හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට තීරණයක්

හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට තීරණයක්

හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට තීරණයක්

ලබන වසර තුළ හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

දැනට අප රටේ කෝපි වගාව ප්‍රධාන වැවිලී භෝගයක් ලෙස වගා නොකළත් මෙරට කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳ පළේ ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් කෝපි වගාව නැවතත් වැවිලි බෝග්යක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා

කෝපි වගාව සඳහා උනන්දුවක් දක්වන ගොවීන් ඊට යොමු කර ගැනීමට පියවර ගන්නැයි අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස්දී තිබෙනවා.

අයවැය ලේඛනය මගින් 2024 වර්ෂය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් රුපියල් බිලියන 96ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදල් කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගැනීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව හෙළිදරව් කළා.

අප රට කෝපි වගාව සඳහා විශාල ප්‍රසිද්ධියක් උසුලන අතර Coffea Arabica(අරාබිකා කෝපි), Coffea Canephora(රොබස්ටා කෝපි), Libarica(ලයිබරිකා කෝපි) යන විශේෂ අප රටේ වවනු ලබයි. මේ අතරින් අරාබිකා කෝපි ඉතාමත් ජනප්‍රිය ම කෝපි විශේෂය බවත්, එම කෝපි වගාව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා

අරාබිකා කෝපි විශේෂයට අයත් නව ප්‍රබේද කිහිපයක් මේ වනවිට වගාකරුවන්ට හඳුන්වා දී ඇත. ඒවා නම් HTD, S09, කැටිමූර්, ලක්පැරකුම්, ලක් සවිරු සහ ලක් කොමලී ලෙස හඳුන්වයි. මෙම ප්‍රභේද වැඩිම අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද වනවා

මීට අමතරව රොබස්ටා කෝපි විශේෂයට අයත් දේශීය විශේෂ කිහිපයක ද හඳුන්වා දී ඇත. ඒවා නම් IMY, S274, GCR, CCI, ලංකා චන්ද්‍ර, ලංකා බිම්සර සහ ලංකා ඉසුරු යන ප්‍රභේදයන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *