මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

මහ බැංකු පොලී අනුපාත අඩු කරයි

මහ බැංකු පොලී අනුපාත අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩු කර ඇත.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය (23) පවත්වා තිබේ.

එහිදී මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකවන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 9%කින් පහළ දමා ඇත.

එමෙන්ම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයද (SLFR)ද 10% දක්වා අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇතැයි සදහන් කෙරේ.

මධ්‍ය කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යාමේ අරමුණින්, දේශීය හා ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳව මනා විශ්ලේෂණයකින් අනතුරුව, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මෙම තීරණයට එළඹ ඇත.

තවද, මෙම ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමත් සමඟ 2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමඟින් මධ්‍ය කාලීනව උද්ධමනය ස්ථාවර කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ලිහිල් කිරීමක් සිදු කර ඇති බව මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලදී. එබැවින්, මූල්‍ය ආයතන විසින් වෙළෙඳපොළ පොලී අනුපාත, විශේෂයෙන්ම ණය අනුපාත සඳහා මුදල් ලිහිල් කිරීමේ පියවරයන් කඩිනම් සහ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් අවධාරනය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *