පොල් පැළ ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක්

පොල් පැළ ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක්

පොල් පැළ ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැළ ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රන්න, වීරකැටිය හා වලස්මුල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම නව පොල් ත්‍රිකෝණය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. ගොවි ජනතාවට තම ගෙවතුවල පොල් පැළ රෝපණය සඳහා එක් නිවසකට පොල් පැළ 05ක් බැගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙරට පොල් වගාව වැවිලි බෝගයක් වශයෙන් සිදූ කෙරුණත් මෙතෙක් සමස්ත පොල් නිෂ්පාදනයෙන් සියයට 75ක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනීම සිදු කෙරෙනවා.

අපනයනය කිරීම සඳහා ඉහළ ඉල්ලුමක් සහිත වැවිලි බෝගයක් වුවත් මෙතෙක් මෙරට පොල් නිෂ්පාදනය අපනයනය ඉලක්ක කර සංවර්ධනය වී නැහැ. දෛනික සමස්ත පොල් පරිභෝජනය ගෙඩි මිලියන 4.5ක් පමණ වුවද, දෛනික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 03ක් පමණ වන බව සඳහන්.

මේ නිසා පොල් වගාව ඉඩකඩ ඇති සෑම ගෙවත්තකම වගා කිරීම සඳහා ජනතාව පෙළඹවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

පොල් පරිභෝජනයේ දී ප්‍රයෝජනයට ගත හැකි විශාල ප්‍රමාණයක් නොදැනුවත්භාවය නිසා විනාශ වී යන අතර මේ නිසා පොල් පරිභෝජනයේ දී පොල් ගෙඩියකින් ලබා ගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ ප්‍රායෝගික වැඩසටහන්ද ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ හැර දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 07ක ක්‍රියාත්මක වන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනට අදාළව එම ගම්මාන හතේම ගොවි ජනතාවටද පොල් පැළ, ගෙවතු වගාව සඳහා ලබා දීමට පියවර ගෙන ඇති බවයි වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *