නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද කුරක්කන් තොගයක් රේගු අත්අඩංගුවට

0
2025 ඔක්තෝබර් 30 සිට මේ දක්වා රු.බි 4.5ක් වටිනා මත්ද්‍රව්‍ය රේගු භාරයට

2025 ඔක්තෝබර් 30 සිට මේ දක්වා රු.බි 4.5ක් වටිනා මත්ද්‍රව්‍ය රේගු භාරයට

නීති විරෝධීව මෙරටට ලෙස ගෙන්වන ලද කුරක්කන් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි අඩංගු භාණ්ඩ ලෙස සඳහන් ව තිබී ඇත්තේ, කඩල පරිප්පු කිලෝ ග්‍රෑම් 25,000කි.

නමුත් නිලධාරීන්ට ඇති වූ සැකය මත තවදුරටත්පරීක්ෂා කිරීමේ දී නීති විරෝධී ව ගෙන්වන ලද කුරක්කන් තොගය හමු වී තිබේ.

කුරක්කන් තොගය කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ ගෝනි 800ක අසුරා තිබී ඇති අතර, එහි සමස්ත ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 24,000කි.

කුරක්කන් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 19.2ක් වන අතර, එහි බදු ආදායම ආසන්න වශයෙන් රුපියල් මිලියන 1.5ක් බවට ගණන් බලා තිබේ.

මෙම සම්පූර්ණ භාණ්ඩ තොගය වැඩිදුර පරීක්ෂණයකින් පසු රාජසන්තක කිරීමට පියවර ගන්නා බවට රේගුව පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed