වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුලු 04ක් අත්අඩංගුවට

මිලියන 55ක් වංචා කළ වෛද්‍යවරයෙක් CID අත්අඩංගුවට
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයීම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය එසේ අත්අඩංගුවට ගත් බවයි.