ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි

අල්ලස් කොමිසමේ අභ්‍යන්තර කටයුතු ඒකක තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර
ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
්ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය.
එසේ නොමැති නම් 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහාද මෙම ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකිය.
ඒ සඳහා ඔබගේ දුරකථන අංකයෙන් EBILL<හිස්තැනක්>විදුලි ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කර 1987 අංකය වෙත කෙටි පණිවුඩයක් (SMS) යොමුකළ යුතුවෙයි.
මේ වනවිට දෙහිවල කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවලද මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලටද මේ වනවිට නිකුත් කරන්නේ ඊ බිල්පත් පමණි.
ඒ අනුව මුද්‍රිත බිල්පත් මුළුමනින්ම නතරකිරීම මෙම ක්‍රමවේදයේ මූලික අරමුණ වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම සේවාව ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා විදුලි පාරිභෝගිකයින් වෙත සැපයීම අරමුණ වී ඇති බවය.