Google සමාගම Gmail ගිණුම් මිලියන ගණනක් ලබන මාසයේදී අක්රීය කිරීමට තීරණයක්
නිතිපතා යාවත්කාලීන නොකරන Gmail ගිණුම් මිලියන ගණනක් ලබන මාසයේදී අක්රීය කිරීමට Google සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව වසර ගණනාවක සිට අක්රීයව පවතින Gmail ගිණුම් යම් අවදානමකට ලක්ව තිබෙන අතර Gmail ගිණුමක් අවම වශයෙන් වසර 2ක්වත් භාවිත කර නොමැති නම් එම ගිණුම් ද අදාළ පියවර යටතේ ඉවත් කිරීම සිදුකරනු ලබයි.
මේ හේතුවෙන් Google ගිණුමක් සක්රීයව තබා ගැනීමට ඇති සරලම ක්රමය වන්නේ අවම වශයෙන් වසර දෙකකට වරක්වත් ඒ සඳහා පූරණය වීමයි.
කෙසේ වෙතත්, මෑතක දී Google ගිණුමට හෝ එහි සේවාවන් වෙත පූරණ වී ඇති ගිණුම් සක්රිය ගිණුම් ලෙස සලකන අතර ඒවා ඉවත් කිරීමක් සිදු නොවේ.