හිඟ සුරාබදු රු. මිලියන 198ක් රජයට ලැබේ

හිඟ සුරාබදු රු. මිලියන 198ක් රජයට ලැබේ

හිඟ සුරාබදු රු. මිලියන 198ක් රජයට ලැබේ

හිඟ සුරාබදු ලෙස රුපියල් මිලියන 198ක මුදලක් රජයට ලැබී ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.

2023 වසරට අදාළ හිඟ බදු මුදල වන රුපියල් බිලියන 1.1 ක මුදල සහ ප්‍රමාද ගාස්තු 2023.12.31 වන දින වන විට වාරික 9 කින් ගෙවා නිම කිරීමටද අදාළ සමාගම් එකඟ වී ඇති බවයි වාර්තා වේ.

ඒ අනුව 2023.11.06 දින මෙම සමාගම් විසින් රුපියල් මිලියන 198 ක මුදලක් ගෙවා ඇති අතර 2023.12.31 දිනට ඉතිරි හිඟ බදු මුදල වන රුපියල් බිලියන 1.056 ක මුදල ගෙවා නිම කිරීමට එකඟ වී ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව හමුවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම 2023 වසරට පෙර සිට පැවත එන හිඟ බදු අය කර ගැනීමට, හිඟ බදු ගෙවීම් සැලසුමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන බවද කාරක සභාවේදී අනාවරණය වී ඇති බව සඳහන් වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *