බඩඉරිඟු වගා කරන්න සියලු පොහොර නොමිලයේ

බඩඉරිඟු වගා කරන්න සියලු පොහොර නොමිලයේ

බඩඉරිඟු වගා කරන්න සියලු පොහොර නොමිලයේ

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේ දී ආරම්භ කර තිබේ.

ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර යන දිස්ත්‍රික්ක පහ තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ඊට දායකත්වය සපයන ගොවීන් ප්‍රමාණය 23,000කි.

බඩඉරිඟු වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8000ක් බෙදා හැරීම (10) හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව දී ආරම්භ වූ අතර එම පොහොර බෙදාහැරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සදහා යුරියා පොහොර නොමිලයේ ලබා දීමට අමතරව ඒ සඳහා අවශ්‍ය TSP (මඬ පොහොර) සහ MOP (බණ්ඩි පොහොර) නොමිලයේ මෙම ගොවීන්ට ලබා දීමටත්, බිම් සැකසීම සඳහා අවශ්‍ය මුලික වියදම් සඳහා වන මුල්‍ය ප්‍රතිපාදනද අයකර ගැනීමකින් තොරව ලබා දීමටත් තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම වැඩ පිළවෙළ සඳහා ලෝක බැංකුවේ IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල මගින් ණය ආධාරයක් ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.

බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැඩිම අක්කර ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කෙරේ. එම ප්‍රමාණය අක්කර 20,000කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කෙරෙන අක්කර ප්‍රමාණය 5000ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *