ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට ලබන 14 වැනිදා අඟහරුවාදා සවස 2.00ට කැඳවනු ලැබ සිටිති.

එහිදී එම දූෂණ වංචා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි එම කමිටුව පවසයි.

ශ්‍රී ලංකන් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පාර්ලිමේන්තුවේ දී (10)දැනුම් දුන්නේය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීම අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැත්වුණද ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් සහභාගී වූයේ නැත.

මේ පිළිබඳව ක්‍රිකට් ආයතන බලධාරීන් පාර්ලිමේන්තුවේදී (09) විවේචනය කෙරිණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *