ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරයාව තනතුරින් ඉවත් කරයි

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉවතට

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉවතට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව, එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා එම තනතුරෙන් ඉවත් කල බවට, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශකර ඇත.

ඒ අනුව වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සෞඛ්‍ය අමාත්‍යංශ සේවයට කැඳවූ බව ලේකම්වරයා සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා, ප්‍රධාන විධයක නිලධාරියා ඇතුළු පාර්ශවයට පසුගිය කාලයේ දැඩි චෝදනා එල්ල විය.

ඒ අනුව එහි සභාපතිවරයා පසුගියදා ඉවත් කළ අතර එහි නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතායි.

කෙසේ වෙතත් ඉන් අනතුරුවද ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ විජිත් ගුණසේකර මහතා ආයතනයේ සංවේදී තොරතුරු ඇතුළත් ලියකියවිලි රැසක් විනාශ කළ බවට සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා එල්ල කළේය.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *