නියඟය නිසා වගා හානි සිදු වූ ගොවීන්ට 17000ක ඩීසල් නොමිලේ

නියඟය නිසා වගා හානි සිදු වූ ගොවීන්ට 17000ක ඩීසල් නොමිලේ

නියඟය නිසා වගා හානි සිදු වූ ගොවීන්ට 17000ක ඩීසල් නොමිලේ

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් දෙන වන්දි මුදලට අමතරව මෙම සහනය ද ලබා දෙනු ඇත.

පසුගිය මහ කන්නයේ දී චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.5ක් ලබා දුන් අතර කුඩා ප්‍රමාණයේ කුඹුරු වගා කරන ගොවීන් විශාල පිරිසක් තමන්ට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට නොපැමිණීම නිසා ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරිව තිබූ බව අමාත්‍යාංශය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *