ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36ක් දක්වා ඉහළට

ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36ක් දක්වා ඉහළට

ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36ක් දක්වා ඉහළට

ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ දිනවල දිවයිනට ඇදහැලෙන වර්ෂාවත් සමග ඩෙංගු අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසීය.

නිවාසවලට අමතරව, පොදු ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතනවලින්ද මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් මදුරු කීටයින් බෝවන ස්ථාන විනාශ කිරීමට ජනතාව උනන්දු විය යුතු බව ඔහු තවදුරටත් කියා සිටියේය.

මේ දක්වා වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 69,008 දෙනෙකු වාර්තා වී ඇති අතර, පසුගිය මාසයේ පමණක් රෝගීන් 4,000ක් වාර්තා වී තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *