සමෘද්ධියේ කෝටි 5359ක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා අරන්

සමෘද්ධියේ කෝටි 5359ක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා අරන්

සමෘද්ධියේ කෝටි 5359ක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා අරන්

සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් ගිණුමවල පවතින රුපියල් කෝටි 5359 කට වැඩි මුදලක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම මුදලින් රුපියල් කෝටි 5329ක් (පොලී සහිතව) 2022 වසරේදී තවදුරටත් අයවීමට තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර ප්‍රතිලාභීන්ට සහනාධාර ගෙවීම් කිරීමෙන් පසු ඉතිරි වූ රුපියල් කෝටි 17ක මුදලක් 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වනවිටත් අරමුදල වෙත නිදහස් නොකර පොදු තැන්පත් ගිණුමේ රඳවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

වසර 2කට වඩා පැරැණි අය විය යුතු ණය ශේෂ වලින් 2022 වර්ෂයේදී අය කරගෙන තිබුණේ රුපියල් ලක්ෂ පහක් පමණක් බවද වාර්තාවේ දැක්වේ.

නිලධාරීන් පිරිසකට රැපියල් දෙලක්ෂ පනස් දහස බැගින් ආපදා ණය ලබාදී තිබුණද වාරික කිසිවක් අය කරගෙන නොතිබූ බව එම කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *