8වන ජාතික ගුවන් බීජ, බෝම්බ මෙහෙයුම සාර්ථකව නිම කරයි

8වන ජාතික ගුවන් බීජ, බෝම්බ මෙහෙයුම සාර්ථකව නිම කරයි

8වන ජාතික ගුවන් බීජ, බෝම්බ මෙහෙයුම සාර්ථකව නිම කරයි

ශ්‍රී ලංකාවේ වන ගහනය වර්ධනය කිරීම, තිබෙන වනාන්තර වල ගුණාත්මක භාවය නැංවීම සහ වන සතුන්ට වාසස්ථාන ඇති කිරීම එමගින් වන සතුන් ගම් වැදීම වලකා ගැනීම වැනි කරුණු මූලික කර ගනිමින් ගුවනින් ගොස් බීජ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බිම හෙළීමේ වැඩ සටහනක් (30) අනුරාධපුරයේ දී සිදු කෙරිණි.

අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුගම්පලයාගම යෝජිත රක්ෂිතයේ අක්කර 40ක (හෙක්ටෙයාර් 16ක්) භූමි ප්‍රදේශයක මෙහිදී කුඹුක්, මී, මදටිය, පලු, වීර සහ කොහොඹ බීජ අසූ දහසක් හෙලිකොප්ටර්යකින් ගොස් බිම හෙලීම මෙහිදී සිදු කල අතර එම වැඩ සටහන අටවන ජාතික ගුවන් බීජ බෝම්බ මෙහෙයුම ලෙස නම් කර තිබුණි.

වර්ෂා කාලය ආරම්භ වීමත් සමග, ලඳු කැලෑ, යෝජිත රක්ෂිත ප්‍රදේශ මූලික කර ගනිමින් දැවමය ශාක, පළු වැනි සතුනට ආහාරමය ශාක බීජ මෙම මෙහිදී බිම හෙලූ අතර මේ මගින් වන ගහනය වැඩි කිරීම මූලික අරමුණ වන අතර, එමගින් වන සතුනට ආහාර මෙන්ම වාසස්ථානද ලැබෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *