රු. ලක්ෂ 51ක මුදලක් මහනගර සභාවේ ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයට අරගෙන

රු. ලක්ෂ 51ක මුදලක් මහනගර සභාවේ ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයට අරගෙන

රු. ලක්ෂ 51ක මුදලක් මහනගර සභාවේ ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයට අරගෙන

රුපියල් ලක්ෂ 51ක මුදලක් මහනගර සභාවේ ගිණුමට බැර නොකර සිය දියණියගේ විවාහ මංගල උත්සවයකට වැය කිරීමට රැගෙන ගිය බව කියන මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව මහනුවර නගර සභාවේ නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා විසින් අදාළ සේවිකාවගේ වැඩ තමනම් කිරීම සඳහා වන නිර්දේශය පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා මගින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතා වෙත යොමුකර තිබෙනවා.

එම නිර්දේශ පදනම් කර ගනිමින් පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් වැඩ තහනම් කිරීමේ ලිපිය මහනුවර නාගරික කොමසාරිස් මගින් සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය වෙත එවා ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ තවත් ස්ථාන කිහිපයක ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයින්ට පෙරවරු කාලයේ 10%ක පොලියකට මුදල් ලබාදී පස්වරුවේ පොලියද සමඟ අදාළ මුදල අයකර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර නගර සභාවේ ගිණුම් අංශයට එකතුවන මුදල් නගර සභා සේවකයින් ඒ ආකාරයෙන් පොළියට ලබා දීම සඳහා යොදා ගත්තේද යන බරපතළ සැකය විමර්ශන නිලධාරීන්ට මතුව ඇති බවද සඳහන්.

පසුගිය දිනවල වාර්තා වූ වංචා හා දූෂණ සැලකිල්ලට ගනිමින් නගර සභාවේ ගිණුම් අංශය වෙත කරනු ලබන සියලු ගෙවීම් කටයුතු අවශ්‍යය නම් තැපැල් දෙපාර්තමේන්තුව හරහා නගර සභා ගිණුමට බැර කිරීමට හැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කළ බව මහනුවර නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා ප්‍රකශ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *