ICC යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සැර ලිපියක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2024 වාර්ෂික සමුළුව සහ ජාත්‍යන්තර තරගාවලි කිහිපයක සත්කාරකත්වය ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින ගැටුම හේතුවෙන් අහිමිවීමේ අවදානමක් මතුවී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලිපියක් යොමු කරමින් මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

2024 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සමුළුව සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි කිහිපයක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතු බවයි, ICCයේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් ඇලඩයිස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ.

2024 වසරේ වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, 2026 වසරේ විස්සයි 20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ 2027 වසරේ කාන්තා විස්සයි 20 ලෝක කුසලානයේ මූලික සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

එම තරගාවලි ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නම් ඡන්දයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම්වලින් තොර සහායෝගයක් රජයෙන් ලැබෙන බව තහවුරු කළ යුතු යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යොමු කළ ලිපියේ සඳහන්ය.

ක්‍රිඩා අමාත්‍යවරයාගේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් එවැනි බලපෑම් ඇතිවිය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මගින් දැනුම්දී තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ඒ සම්බන්ධයෙන් ලැබෙන සහතිකය මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් අදාළ ලිපියේ දැක්වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *